Saturday, November 24, 2012

මාධ්‍ය


පටලං කාවේ මාධ්‍ය නිදහස ගැන කතාකරනකොට මට මාර හැගීමක් ඇතිවෙනවා එකට හේතුව මොකද්ද කියල මටවත් හිතාගන්න බැ. මොකද එංගලන්තේ News-International ආයතනය අවුරුදු 150 පරණ උනත් මාධ්‍ය මාෆියාව තුරන් කරන්න කියල ඒ ගොල්ලො ඒක වහන්න තීරණය කලා. නමුත් අපේ පට ලංකාවේ  එහෙම කරන්නේ නැ. හේතුහාමි කියන මං අහිංසක පුරවැසියා  පත්තරයක්, Television බලනකොට  දකින සමහර  හරිම සුන්දර ප්‍රෝඩා, Gymnastics, දැක්කම කඳුළු කඩාගෙන වැටෙනවා. Blogs හදාගෙන ඉන්න ලොකු ලොකු කුනුකන්දල් වලට වහල් වුන අපේ සමහර බහුශ්‍රුත මාමල මාර Comments දාගෙන කලාව දේශපාලනේ සහ ආර්ථිකේ ගැන පොර ටෝක් දානවා. ඒ අයට මේක පේන්නැති එකත් මාරම කේදවාචකයක්. නැත්තම් ඒගොල්ලොත් නිකන් නාරන් බික්, සීනිබෝල වගේද කියලත් මට හිතෙනවා. මං අහන්නේ මේකට මොකාද වගකියන්න ඕනේ? අපිම තමා ! බලන්න අය්යේ අක්කේ, අපි වගේ ගමේ මල්ලිලා නංගිලා නොදැකපු දේවල් ගැන කොර ටෝක් හදන ටවුමෙ මාධ්‍ය කරන මාමලා ඒගොල්ලොන්ගේ මනස්ගාත ඔක්කොම සිරා කියල හිතාගෙන අපිව රවට්ටනවා. ඒක හරිද මං අහන්නේ?
  
 සමහර News වැඩසටහන් ඇවිල්ල ටෙලිනාට්‍ය වගේ. අපෙ ආතම්මා හිතාගෙන ඉන්නේ පහුගිය කාලෙ  Campus එක ගැන ගොඩක් සෙනග එකතුකරලා, නළු නිලියෝ ගොඩක් දාලා නාට්ටියක් කලා කියල. මොකද ආතම්මා ඉන්නන පැත්තට පෙන්නේ අර at-8 කියන නාට්‍යනුසාර news එකනේ. ඒ වැඩසටහනේ ඊයේ පෙරේදා හැප්පිලා මැරිච්ච එකක් ගැන යනවා, පටන්ගන්නේ හැප්පෙන එක දැකපු එකා ඉස්කෝලේ ගිය දවසින්. ප්‍රවුර්ති කියන දේ මොකද්ද කියල නොදන්නා කම නිසා ද නැතිනම් ඇත්තටම ඒ වැඩසටහන විනෝදාත්මක එකක්ද කියන එක මට තේරුනේ නැ. අපේ ආතම්ම ඒකට හරිම ආස සමහර News Program බැලුවම රුධිර පීඩනය වැඩිවෙන නිසා ලු. මොකද ඒවායේ කියන්නේ මිනිස්සු බය කරන දෙවල් විතරමලු . මම එයාගෙන් ඈහැව්ව තව ඔය පවුලේ චැනල් බලන්නැත්තේ ඇයි කියල, එයා කියන විදියට ඒකෙ යන්නේ එකම පවුල් සෙට් එක ගැනලු. මුරණ්ඩු පුතාලා ඉන්න චන්ඩි තාත්තල ගැන, Beauty Contest වලට යන දුවල ඉන්න නාකි හස්බන් මාමල ගැන එහෙමලු. නැති නම් තව ඒවා තියනවලු, එල්ලේ ගහන්න ඔට්ටපාලු බෝලයක් ගන්න නතුව චාටර් වෙන ගමේ අපේ කොල්ලෝ සෙට් වලට American Football පෙන්නලා add වලින් සල්ලි හොයල ඉස්පෝර්ට් කාර් වලට Superපෙට්රෝල් ගහන අය කරන ඒවාත්. මම පුදුම උනා අපේ ආතම්මගෙ මාධ්‍ය පරිචය ගැන. මට හිතුනා   ඇඳලා ඉන්නේ අපිද ඕව කරන අයද, ඒවායේ වැඩකරන අයද කියාලා.

අනේ මම කියන්නේ මං වගේ පුටාර් පදින අහිංසක කොල්ලෙක්ට මේ වගේ මාධ්‍ය පරිප්පුවක් දෙන එක ගැන ඔය කට්ටියට දුක නැද්ද කියලා? මං අහන්නේ ඕව කරන්න සල්ලි දාන එකාමද මේකේ වැරදි කාරය? මට හිතෙන්නේ ඒකාම නෙමෙයි . ඕවයේ ගමෙන් ගිය එඋනුත් වැඩකරනවා මං හිතන්නේ. ඔය සමහර එළවලු වලින් Cricket එහෙම ගහන add මාමලා දුර බැහැර අයලු. ගමමලු විකුණන් කන්නේ. ඉතින් ඒගොල්ලොන්ට මේක තේරෙන්නේ නැති හැටි නේ?. නැත්තම් මධ්‍ය පිළිඹඳව Degree ගහපු එව්වෝ හිඟා කනකොට, තැන තැන වල පොලිටික්කෝ ගාව රෙදි හෝදනකොට. අර ටවූන් එකේ ටිවුෂන් පන්ති වල තොල් රතු කරගත්තු කෙල්ලෝ පස්සේ ගිහින් බූට් කාලා desk බැංකු වල නිසදැස් ලියපු සෙන්ටි මෙන්ටල්ලා, බිග් match දවසට beer උගුරක්බීල වැදිලා Tao spray වලින් කෙල්ලගේ නම ඉස්කෝලේ තාප්පේ ලියපු මෝල් අර්ටිස්ලා, ලොකු මධ්‍ය ආයතනවල radical චරිත වෙලා, News Room Manager ලා වෙලා කරන මේ ජාතික අපරාදේ ගැන අහිංසක ගම්පුරවසියෙක් විදියට ලස්සන ලංකාව විනාස කරන දෙයක් විදියට තමා මම දකින්නේ. මම කියන්නේ මේ වැඩේ ඉගෙනගෙන කරනවානම් හොඳා කියල. ඉගෙනගත්තු ඒඋන්ට අවස්ථාවක් දෙන්නෝනේමේවා කරගෙනයන්න. නැත්නම් මධ්‍ය ගැන අධ්‍යාපනය ගන්න පුළුවන් Course තියෙනවා කරන්න. නැත්තම් අඩුමගානේ  ලංකාවේ ඕවයේ ඉන්න ඈයෝ ලෝක ජනමාධ්‍ය බලනවා, පරිශීලනය කරනවා ඇතිනේ, ඒකෙන් හරි, නැත්නම් අවිධිමවත් හරි අධ්‍යාපනයක් ලබාගෙන ඔය වැඩේ හරියට කලොත් අපේ පටලංකාව නිරවුල් ලංකාවක් කරන්න පුළුවන් වෙයි කියල  හිතනවා.  හේතුහාමි හැටියට කිසිම හේතුවක් නැතුව නෙමෙ මේ ගැන කතා කරන්නේ මේ වැඩ ගැන චුට්ටක් වෙන්න දන්නා නිසා. මේක ගැන අදහස් දක්වන පටලංකා විරෝධී චරිත වලට මගේ ප්‍රණාමය හිමිවේවි. 

- මීට හේතුහාමි !