අද ඉල්මහා පෝය දවස. ඒ කියන්නේ නොවැම්බර් මාසෙ පෝය.මේ පෝයේ විශේෂත්වේ තමා බුද්ධ සාසනයේ පළමු ධර්ම ප්‍රචාරණය ආරම්භ උනේ මේ වගේ දවසක වීම.ඒ ව ගේම බුදුරජානන්හන්සේ දම්සක් පැවතුම් සුත්‍ර දේශනාව කරලා මාතෘ දිව්‍යරාජයාට ධර්මදේශනා කරන්න තුසිත දෙව් ලොවටගියේමේ වගේ උතුම් දවසකයි. මිත්‍යාවෙන් අන්ද වූ ලෝක වැසියාගේ හිතසුව පිණිස මිත්‍යාවෙන් ගලවගන්න තම ශ්‍රාවකයින්ව ධර්ම ප්‍රචාරයේ යවන්න බුදුන් තීරණය කල ඒ උතුම් පොයද අදයි.අද වැදගත්කමට සරිලන දහම් වැඩසටහන් ලංකාව පුරාම පැවැත්වුනා.
ඒ කලේ තිබ්බේ අරණ්‍ය සේනාසන සහ වෙහෙර විහාර කියන භික්ෂු වාසස්ථාන හැබැයි පන්සල තිබිල නැහැ. පන්සල් කියන්නේ හින්දු බලපෑම නිසා සහ සමහර අධර්මචාරීන් විසින් සුඛ විහරණය සඳහා මෙන්ම පරම්පරා, නිකාය පවත්වාගෙන යන්න හදාගත් ඒවා බව දුටුවම මගේ මනස්ගාත මනස මනමෝහනයටපත් උනා. අපේ පන්සලේ හාමුදුරුවෝ නොකියන මේ රහස ගැන අපේ අල්ලපු ගෙදර ටික්කා මල්ලි පන්සල් ගිහින් එනකොට ගෙනාපු බූන්දි ඔතාපු පත්තර කොළ කැල්ලෙ තිබිල කියවව්වා. අපේ හාමුදුරුවෝ පන්සල්වත්තට එහා වැටේ හිටපු පිංහාමි මාමත් එක්ක නඩු කියල අන්තිමට උන්දැව ගමෙනුත් පන්නගත්ත කතාව ප්‍රසිද්ධ අභිරහසක්. මොකද ගියපාර සල්පිල දවසේ අවාසගෙට පැනපු හොරු අල්ලගත්ත වෙලාවේ පොලිස් සර්ජෙන්ට් මහත්තය ගමේ ආරක්ෂක කමිටුව රැස් කරලා කිව්වේ හොරු පන්සලේ ඉඩම් මායිම් වෙනස් කරලා එකම විදියට ඉඩම් ඔප්පු දෙකකුත් හදල තිබ්බ කියල. මොකද උන් උස්සල තියෙන්නේ හාමුදුරුවන්ගේ පෙට්ටගම නෙ. එකේ තිබ්බ බඩු ඔක්කොටම උන්ට්ට නඩු. "එක දවසින් හොරුත් ඇල්ලුවා .උන්ට මොකටද පන්සල් ඔප්පු හදල මොකෑ ලියාගන්ඩ ඈ? " , කියල ඒ වෙලාවේ ඔපිසර් මහත්තය කිව්ව කතාවෙන් ගමටම වැඩේ නොන්න්ඩි උනා. හාමුදුරුවෝ ඔපිසර් මහත්තයව ප්‍රධාන දායකකමින් අයින් කිරීම ඒක තවත් තහවුරු කලා.
ඒක මොක උනත් පත්තරේ තිබ්බ කතාවට අනුව නිවන් මග යන කෙනෙක් සියල්ල අතාරින්න ඕනෙලු. ඉස්සර මහා රහතන් වහන්සේලා සොනොන් වල, ගස් යට, ගල්ගුහාවල හුදෙකලාව වාසය කරමින් භාවනා
කරලා නිර්වානය අවබෝධකර ගත්තලු. ඊට පස්සේ වස් මාස තුන ඇරෙන්න අනික් හැම මාසයකම ලෝ වැඩ පිණිස චාරිකාවේ යෙදෙමින් ධර්මය දේශනා කරමින් අව්ව, වැස්ස බලන්නේ නැතුව ගම් නියම්ගම් පුරා අවිද්දලු. එතකොටම මට සිහියට අවේ අපේ මුත්තාගේ බණට වඩින්න ආටා එක යැව්වේ නැ කියල ලොකු හාමුදුරුවෝ නාපු එක. පස්සෙ හරි අමාරුවෙන් ආතම්ම ගිහිල්ල වැඳලා ඒක්කරන් ආවේ. පන්සලේ අලුතෙන් හදපු ටිවුෂන් පන්තියේ සර් අරන්දීපු ඩොල්පින් වෑන් එකෙන් හාමුදුරුවෝ ගමේ කොල්ලෝ සෙට් එක අරගෙන වෙසක් බලන්න ගියපාර කොළඹ ගිය හැටි මතක් උනේ මාර fun feeling එකක්
ඇඟට එනගමන්. ඒත් එමක්කම ගිය කටිනෙට කලින් ආවාස ගේ AC කරන්න දායක සභාවෙන් ගේමක් දීල ලක්ෂ 2ක් අරගෙන පොඩි හාමුදුරුවන්ට courseඑකක් කරන්න තියෙනවා කියල ඉස්කෝලේ නෝනගේ බෑනා දහම්පාසලට දුන්නු කොම්පුටෙර් එකත් අවාස ගෙට ගත්ත හැටි මතක් උනේ ටීචර් අපේ නැන්දට කියපු කතාවක් හින්දා.ගිය සතියේ ඉස්කෝල හාමිනේ ටවුමට යනකොට දැක්කලු පොඩි නම පෙමෙන්ට් එකේ CD ගොඩක් ළඟ CD තෝරනවා. හාමිනේ ලංවෙලා බලනකොට 3ක් 100ට තියෙන ෆිල්මුයි ,ගෙමුයි ලු උන්නාන්සේ තෝරන්නේ. මට හිතුනා මේ පැටලුම් ඇර ඇර ඉන්න වෙලාවේ මටත් ඒ
course එක කරන්න තිබුනානම් මාරු කියල.
අනේ මොන මගුලකට ටික්කගේ බූන්දි කන්න සෙට් උනාද කියල ගත්ත පින් ඔක්කොම වතුරේ . සිල් අරගන්න ගමේ පන්සලේ බැරි හින්ද ටවුම කිට්ටුව ලොකු අසපුවක සීල ව්‍යපරෙකට ගිහිල්ල ආතම්මත් එක්ක මං මේ ආවා විතරයි. ඒ සීල ව්‍යාපාරේ නම් ඉතා උසස් මට්ටමෙන් තිබුනා ඇත්තෙන්ම . ඇත්තටම කියන්න එක ඉතාම විධිමත් මෙන්ම ධර්මය ඉගෙනගන්න මං වගේ අයටත් ධර්ම අහන්න නොලැබුණු අපේ ආතම්ම
වගේ කෙනෙකුටත් එක හරිම වටිනවා කියලා බයනැතුව කියන්න පුළුවන් . එතනත් මාර සීන් එකක් තමා දැක්කේ. සිල් ගන්න ඇත්තන්ට අමතරව ඉස්සර වෙසක් එකට දන්සල් දීල tap වෙන්න ගහල ඔලුබක්කෝ නටපු ටවුමෙ රස්තා කොල්ලෝ සෙට් එක අමුතු කොන්ඩ කට් ගහගෙන බොක්කෙන්ම දානේ බෙදනවා. කඩියෝ වගේ අමුවෙන්ම වැඩ. මට මාර ප්‍රීතියක් අවේ. මොකද සීල ව්‍යාපාරේට මේ අයත් සෙට් වෙලා,අමද්‍යප වෙලා,ඔලුබක්කෝ නැතුව,තමන්ගේ ඔලුවෙන්ම මේවගේ සාසනික සේවාවක් කරන එක ගැන පින්සිද්ධවෙන්නේ සංවිධායක මණ්ඩලයට කියලා .
ඔය අතරේ මට මට මුත්‍රා බරක් හැදිලා භාවනා වැඩසටහන අස්සේ වැසිකිලිය පැත්තට ගියා. එනකොට මම දැක්ක පොරක් අර බක්කෝ නටපු සෙට් එක වරකරගෙන පොඩි තෙලක් බෙදනවා. " දැන් බලන්ඩ මල්ලි; මුස්ලිම්,කතෝලික භක්තිකයෝ බයිබලේ,කුරාණේ අතට අරගෙන ලෝකේ පාලනය කරනවා. අපි මෙහෙ අපේ ආගමගැන මත්භේද හදාගෙන නිකාය, භාෂාව භාවිතය සහ පිටක ගැන. අපේ ජාතිය ආගම අදහන අය එකතුවෙලා සටන්කරන්නොනේ අපි වෙනුවෙන්. අපි නැගිටින්න ඕනේ ආගම වෙනුවෙන්. නිකන් ඉන්න එපා මල්ලි". මට ආයෙත් චූ යන්න එනවා වගේ දැනුනා ඒ කතාවට. මට මතක් උනා LTTE කළු කොටි TRAINING එක යුද්දකාලේ TV එකේ පෙන්නපු හැටි . මට මාරයා නැගලා,සීලේ බිඳීලා,යකෝ මේ සිල් අස්සේ මේ යක්කු වෙන ගේම් වලටනේ සෙට් වෙන්න යන්නේ කියල මගේම අත හපාගෙන කන්නහිතුනා. ජාතිවාදය අඋස්සන්නනේ මුන් හදන්නේ කියල. තව මට හිතුනා ඌට LTTE එක අර ලිස්ට් එකට දන්න අමතකවූනේ ඌත් ඒකට සම්බන්ද එකෙක්වත්ද කියල. නැත්තම් ඒ වැඩපිළිවෙලේ ආරම්භකයා විධීයට LTTE එක හඳුන්වන එක වෙනුවට උගේ නම දාගන්න බැරිවෙයි කියන බයටද දන්නෙ නැ කියල.
ඉතින් පෝයට මට උන දේවල් වල හැටියට බුදුන් වැඩිය බුදු බණ පවතින,බුද්ධ සාසනය තියෙන මේ පුංචි ධර්මවීපය ධර්මයෙනුත් පැටලිලද කියල හිතුනා. PLZ ඒක නම් කරන්න එපා මොකද ආගමක් නොව උතුම් දර්ශනයක් වන බුදු දහමට ,බුදු පියාණන්ට නිගරු කිරීම මහා පාප කර්මයක්. සමාවෙන්න "කර්මය' කියන එකේ තේරුම මේදවස්වල පැටලිලා තියෙන හින්ද එකත් ටිකක් අමාරුයි පාවිච්චි කරන්න. මොකද ධර්මයේ එන "කර්ම"යන පදේ තේරුම වෙන එකක් කරල ෆිල්ම් එකක් ගහල තියනවනේ. කමක් නැ ඒක ගැන පස්සෙ වෙනම කතා කරමු. අප උපාසක කැලට කෙරෙන ආයාචනය සහ ආරාධනාව නම් "දහම රකින්න අපි" යන සංකල්පයෙන් මිදිලා, "දහමින් අපි රැකෙමු" යන මැයෙන් නිවන් යන්නම වැඩකරමු කියලා.
මීට ප්‍රධාන උපහාසක ද? , නොදායක ද? විධායක වෙයි ද?
හේතුහාමි