Sunday, December 16, 2012
මුස්ලිම් රෙදි කඩවල විකුණන උපත් පාලන ටොපී
අපේ ගමේ හන්දිය කියන්නේ වෙලාවකට ලේක් හවුස් එකට වැඩිය news එන ස්පෝට් එකක්. මම ගිය දවසක ගියා තම්බි කඩේ මුදලාලිගෙ පුතාගේ මගුල්ගෙදර. හන්දියේ මොකද්ද මාර පොස්ටේර් එකක් තිබ්බා. කට්ටිය වටවෙලා බලනවා. මම වෙලා ගිය හින්ද ඉක්මනට එතනින් මාරු වුනා.
මාර මගුලක් තමා ඒක. හරිම සුන්දර චාම් එකක්. වැඩි කැටයම් තිබ්බේ නෑ. මං හිතන්නේ වැඩි වියදමකුත් නැහැ. මම යනකොටම මුදලාලි ඇවිල්ල "යෙන්ඩ මල්ලි, යෙන්ඩ අපි යෝක්කොම ඉතුවේ මල්ලිලා තරහ වෙලා යෙති කියල. මොක්ක්ද මේ දවෂ් වල අපිට මාර ෂීන් එකක්නේ වැටිලා තියෙන්නේ. අපි වන්ද ඔක්කොම වෙන්ඩ බෙහෙත දාල ටොපි දෙනවා කියෙලා අපේම කොල්ලෝ ෂෙට් එක පෝස්ටර් එකක් ගහල නේ පොඩි රෙදි marketing එකකට. යිතින් යපේ කඩේ බදු ගන්න යෙන යෝක්කොම තමා එන්නේ එපා කියෙල අර බොඩු ශන්ගමේ කොල්ලෝ ෂෙට් එක වලිය දාලා ආයෙ තව පොශ්ටෙර් ගහල. කමක් නේ මල්ලි, මල්ලි හොඳ මුනියනේ, අපි දන්නවනේ ඉෂ්ෂර ඉඳලා. ඒක තමා මම ෂීන් එක මල්ලිට කියන්නේ. යපේ කොල්ලෝ පොඩි මර්කෙටින් වැඩක් තමා කරලා තියෙන්නේ අපේ රෙදි කඩ ටිකේ නම පොඩ්ඩක් හදාගන්න. දන්නවනේ මල්ලි මිනිශ්ශුන්ට ටග්ගාල brand එකා අමතක වෙනවනේ. දැන් බලන්ඩ යුද්දේ තිබ්බ. මිනිශ්ෂු මරුනා. ශුනාමි අවා. මිනිශ්ෂු මරුනා. මුක්කුත් මතක නේ නේ. යේ වුනාට සප්තෙම්බෙර් 11 ඇමෙරිකාවේ බෝම්බෙට යපේ ශර්ලා ශෝකේ තමා දුන්නා යපේ ගානේ. මොකද ඒක හොඳට
මාර්කෙට් උනානේ."
මට කතා කරන්නවත් විදියක් ඉතුරු නොකරම දිගටම තම්බිගේ හිතේ තියෙන දේ කියාගෙන යනවා. මම මරන්න ගෙනාපු හරකා වගේ බලාගෙන ඉන්නවා.
"නික්කම මම අපේ කොල්ලන්ට කිව්වා ඕක මර්කෙටින් එක, පිෂ්ෂු වෙලා නතරවෙන්නේ කියලා. මොකද, වැඩියෙම ලංකාවේ
කට්ටිය කන්නේ ශෛවර් කඩෙන් නේ. යෙ ගොල්ලන්ට වෙලා නැනේ උයන්ඩ ගෙදර ඉඳලා. අන්තිමට මොකක්ද උනේ යපේ ග්‍රාම ශේවක
මහත්තයගේ දෙවැනි ළමය මරුන ෂීන් එකත් මගේ කරෙන් ගියා. මිනිහ කියනවලු ළමය නැති උනේ මගේ කඩේ කැම කාලා කියලා. අම්මප මට
මහනවෙන්ඩ හිතුනා මල්ලිට කියන්ඩ. තුන්වේලටම පොඩි ෂොට් එකෙක් දාගෙන යපේ කඩෙන් පාම්පිටිම කාපු මහත්තය, මං දියා බලන්නේ නෙතුව අපේ ශෙල්ලදොරේ මල්ලිගෙන් උළුඳු වැඩේ දෙකක් අරගෙන මට රවාගෙන ගියා. මල්ලි මගේ අංග හිරි වෙටුනා. යුද්දේ කාලේ ශේල්ලෙට බැනපු තරම් මල්ලිට කියන්න, අපේ ගෑනිට අන්තිම ළමයා හම්බවෙන්න ඇත්තේ ඒකෙන්ම කියලා මගේ කඩේ කොත්තු දාන දාස කොල්ල හැමදාම කියනවා. මම පශ්ශේ අපේ මශ්ශිනා doctor ලතීෆ්, හන්දියේ දිස්පෙන්සරි එකේ. මල්ලි දන්නවනේ?(මම ඔලුව වැනුවා. මිනිහට හිතුනේ මට මිටර් නැහැ කියලා.) doctor නිලමේ මෙරුනට පශ්ශේ පොරණේ දැන් බේත් දෙන්නේ ඔක්කොම. නිලමේගේ ෂන් කුවේට් එකේ driver කෙනෙක්නෙ. තාත්තගේ තැන කුලියට දීල තියෙන්නේ. අලි, මල්ලි දන්නවනේ dialඑක දැන්? (මම ඔලුව හෙල්ලුව මොකද්ද කියන්නේ යන්නේ කියල හිතාගන්න බැරුව) එයා තමා ඔක්කොම ග්‍රාම ශේවක මහතෙගේ කේෂ් එක handdal කරලා තියෙන්නේ. ළමය හැදිලා නෙල්ලු. ජීවත් වෙන්න තරම් ශක්තිය නෙල්ලු. මොකද උපතින්ම දුර්වලෛ කිව්වා. යනික, උන්ග කාලෙකින්ලු නෝනා ලමයි හදන්න plan කරලා තියෙන්නේලු. ලොකු බේබිට වඩා 10 years බාළලු ළමය. අනික ඔක්කොම ශීශර් එකලු දෙන්නම. මල්ලිට කියන්ඩ, මාර ෂෙපක් නේ නෝනට තිබ්බේ. යපේ ගේනි අටක් හේදුවා. ලොකු දුවගේ පොඩි යෙකාට වඩා මාශ දෙක තමා මගේ පුන්ච්චිම කොල්ලගේ වයෂ අඩු. මල්ලිට කියන්ඩ මම අටටම නුදුන්න ශේපක් තමා නෝනට මහත්තයා දුන්නේ. මල්ලි කියන්ඩ ගියපාර පන්ශ්ලේ කටින යෙකට ශුද්දකරපු කොෂ් ගෂ් දෙක ටවුමට යෙවල කෙලින්ම බෝතල් දෙකක් අරන්, ආවා මගේ කඩේට. මල්ලිට කියන්ඩ ලොස් නෑ මල්ලි. බාබත් පාර්සල් 4ඉ. වෙනම පීකුදු, හොඳම පැටියගේ එක, හරි. සුපිරි කෑම, පුඩ් සිටි ඒකෙන් ටඋමේ ඉඳන් පෙට්ටි පෙට්ටි රට කේම ඔක්කොම හරි. රට පළතුරු ලශ්ශනේ බැ. පොත්ත නිකන් දැන්
කැඩුව එක තමා. පිශ්සු හැදෙනවා. මල්ලි කියන්ඩ මල්ලි, ඇඳෙන් බහින්ඩ දුන්නේ නෑ. වෙඩට 4දෙනෛ. මගේ කඩෙත් එච්චර කට්ටිය නේ. ආයේ චූ බර වෙඩි උනත් මහත්තයා ඉවරෛ, සැපටම තමා ලෙට් එකට යෙන්නත් ඕනේ. ඇග හොල්ලන්නෙ නැතුව තමා හිටියේ".
"යේකට අපේ ගේනි පොඩිම යෙකා හම්ඹෙන්න යින්නකොට ළඟ ඉටියේ අපේ ලොකු කොල්ලගේ ගේනි. එකී කියෙනවා කේම ගෙන්න කැන්ටිමට ගිහින් එනකොට දවල්, පොඩිකේක් එක්ක ගේනි ඉන්නවලු යෙන්දේ. මල්ලි කින්ඩ මම පෙත්තෙට ගියේ නේ මල්ලි. මම යෙතකොට මක්කම ගීල්ල ඊද් යෙකට. මාශ තුනකින් පශ්ශේ තමා දෙක්කේ".
"ඉතින් මල්ලි කින්ඩ මාර කේෂ්. මල්ලි එක ශින්ගල මුනියක් එන්නේ නේ කඩේ දැන්. යපේ යෝක්කොම යෙන හින්ද බිශ්නෂ් අඩු
නේ. අපේ කොමත් ශේනග දැන් යින්නවනේ. යපි මල්ලිට කියන්නඩ අර පවු හිගන්නා බඩගින්නේ මල්ලි. උට මම තමා දුන්නේ කන්ඩ. අපේ කඩේ පැට්ටටඑනව දැකලා ජෙමිෂ් මාමගේ කොල්ල ඌට ගාලා. 'තම්ම්බි කඩෙන් හිඟා කන්න එපා. ඊට වඩා හොඳයි බඩගින්නේ මැරෙන එක කියලා.' කියල. මේ ඔක්කොම අශ්ශේ කොහේටවත් නැති පොරවල්, ෂෙට්, ජාතිවාදේ දාල උන්ගේ ගේමේ, ගොඩයන්න හදනවා මල්ලි. අපේ ඔක්කොම කොල්ලෝ තමා අන්තිමට පරිප්පු කන්නේ මතකනේ ඉෂ්ෂර? බය තියෙන්නේ අර බොඩු ෂෙට් එක ඇවිල්ල ෂීන් එකක් දැම්මොත් ආයේ 83 නේ වගේ වෙයිද කියල. පොඩි මර්කෙටින් වෙඩක් වත් මේ කට්ටියට තේරෙන්නේ නේ නේ. අරි මල්ලි ෂෝරි යන් කණ්ඩ. මගේ කතාව දිග ඔක්කොම වෙඩි උනා නේද. අනේ යපේ drinks ඔක්කොම නැනේ. බුර්යානි තමා තියෙනවා. හලාල් චිකෙන් ඒක. මල්ලිට කියන්ඩ, ඔය හලාල් එකත් පොඩි මර්කෙටින් එකක්නේ. පොඩිත් නේ. අර පොඩි ගනනක් දීලා brand එක විතරෛයි ගහගන්නොනේ. යේකත් වෙඩිපුරම අහන්නේ Dubai ගිහිල්ල ආපු ශින්ගල කට්ටියනේ මල්ලි. ෂරි මල්ලි යෙමු යෙමු කණ්ඩ. ඔක්කොම බිශ්නෙෂ් නේ. අපි මොකකටද තරා වෙන්නේ නීද? ඊශ් අල්ලා යෙමු"
මට නිකන් වචන නැති උනා අම්මප කතාකරගන්න. කාපුගමන්ම මම හන්දියට සින්ග්ගාල ආවා ගෙදර එන්න. එනකොට තම්බි මාව
ගෙදට්ට ඇරලන්න කියලා සමන් අය්යව එවලා තම්බිගේ වීල් එකේ. මට හිතුනා අපිම තමා පටලාගෙන ඉන්නේ කියල. හන්දියට එනකොට බොදූ
සංගමේ විරෝදතාවක්. මම දැක්කේ නැ වගේ යන්න හදනකොට පොඩි drink එකක් දාල හිටපු ග්‍රාමසේවක මාමා, මාව වීල් ඒකෙන් ඇදලා
එලියටගත්තා, 'උඹ බෞද්ධයෙක් නෙමෙයිද' කියල අහලා. කියන්නොනේ ඔක්කොම මුදලාලිම කිවුවනේ. මොනා කියන්නද කුධා හෆීස් + බුදුසරනෛ කියන්නැතුව.
ස්තුතියි,
හුදා හෆීස්'
සිංහල ජාතියට මොලේ පෑදේවා!
මීට ජාතිවාදී හේතුහාමි
Sunday, December 2, 2012
බාහිර උපාධි ආයතන වල කාර්යාල
විශ්ව විද්‍යාල පවත්වාගෙන යන බාහිර උපාධි ආයතන වල කාර්යාලය කියන්නේ මොනවද යන්න පිලිඹදව සාකච්චා කිරීමේදී මට මාර අත්දැකීමක් ලබන්න සිද්ද උනා ගීය 28වෙනිදා. අනේ සමාවෙන්න මොකද මගේ භාෂා පරිචය එන්න එන්න ම ව්‍යක්ත වීගෙන එනවා වගේ තේරුනට මම හෙතුහාමිම තමා. අපේ අල්ලපු ගෙදර නෝනි අක්කගෙ බාහිර උපාධියේ කේස් එකකට මාව කොළඹ විශ්ව විද්‍යාලයට එක්කරගෙන ගියා එයාගේ තනියට. එතනදි තමා මගේ අව්‍යාජ ගැමි භාෂාව ව්‍යාජ පොර වහරක් බවට පත් උනේ. එහෙම තමා ඒවගේ ඇතුලට නිකන් යන උන්ටනේ වැඩිම රස්නේ වදින්නේ. නෝනි අක්කගේ විභාග ඉල්ලුම්පත්‍රය වෙනුවෙන් තුන්වතාවක් විභාග ගාස්තුත් බැඳලා තමා ඉල්ලුම් කරලා ලියුම් දාල තිබුනේ. මාස තුනක් ගිහින් අනික් යාලුවොන්ට ඇඩ්මිෂන් එකත් ඇවිල්ල. ඒ උනාට මෙයාගේ ලියපදින්චියවත් ඇවිත් තිබුනේ නැති හින්ද call කරලත් කිසිම උත්තරයකුත් නැති හින්ද තමයි ගමේ ඉඳලා මෙච්චර දුර එන්න වූනේ.
ඔන්න අපි ආවකියන්නකෝ office එකට. අතුලු වෙන තැනම හිටපු ලස්සන ඇන්ටි කෙනෙක් අතින් පෙන්නලා කිව්වා ඇතුලේ වාඩි වෙලා හිටපු අය්යා කෙනෙක් ගාවට යන්න කියලා. අපි එතනට ගියා. ඒ
බුවා අපිව ගනන්ගත්තෙ නැ කියන්නකෝ. උගේ අසුන්දර මූන දිහා බලාගෙන ඉඳලා ඉඳලා මට එපා උනා. කාගේ හරි පිටක් කහපු පාර අස්සට ගිය කුණු නියපොතුවල එවලෙත් තිබුනා. හිතාගන්නකෝ dial
එක කොයි වගේ වෙන්නැතිද කියල. චීය කියලත් හිතුනා. ගමේ ඉඳන් කොළඹටමගිය අපි දෙන්නට පරිප්පු පිට පරිප්පු සෙට් උන එක ගැන මම ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මාර ආඩම්බර කාර කමක්තමා ඇති වුනේ.
120,138 rootඑකේ එක ප්‍රයිවෙට් බස් එකක්වත් වැඩ කරන්න නැ. ස්ට්‍රයික් එකක් ලු. අලුතින් bus පාරට දැම්මා කියලා ලු case එක. මහජනයාට හොඳ සේවයක් ලැබෙන එක දිරවන්නේ නැති සල්ලි වලට කෑදරම කෑදර bus අයිති මන්ත්‍රී මාමි කෙනෙක්ලු එකට මූලික වෙලා තිබුනේ. ආඩම්බරයි නේද? අපිට අපි පත් කරපු නියෝජිතයෝ කොච්චර සේවයක් කරනවද කියලා. එකත් කාගෙන ගිහින් එතන හිටගෙන සැහෙන වෙලාවක් ඉඳලා පණ යන්න ඔන්නමෙන්න තියෙද්දී නොනි අක්ක නානය කියන මීටරේ පාවිච්චි කරලා sir කිව්වා විතරයි දිරච්ච් කෝටු කැල්ලක් වතුරට දැම්මම දියාරු වෙලා පොතු ගැලවිලා යනවා වගේ අර බුවා මගේ සුන්දර වපර ඇස්දෙක දිහා බැලුව කියපන්කො ඔලුව උස්සලා. මට මාර fun එකක් ගියේ. "අනින්නද හොම්බට කියල හිතුනි මට" කියන කවිපදේ මට මතක් උනා. මුන්ට sir කියලා අහගන්න තියෙන ආසාව අම්මප. මුන්ගේ මූණට ලේ උනන්න්නේ ඒක ඇහුණාම කියන එක එදා තමා අහිංසක මට තේරුනේ. මට හිතුනා sir කියලා දිගටම කියවෙන සින්දුවක් කරලා ඉරාජ් මාමිට copy කරන්න සලස්වන්න. එතකොට මෙලෝ රහක් නැතුව ඇහෙන ringing toneඑකකුයි, itune එකකුයි හැදෙයි නේ. ඔයවගේ එකෙක් ඒ වගේ එකක් අහල සදාකාලිකව මූණ තෙත කරගෙන ඉඳියි. ඒකත් මහා සේවයක්, පුන්න්‍ය කර්මයක් කියල හිතුනා. මම ඒක ගැන මෙච්චර කතාකරේ එතරම් උඩගු එකෙක් මම ගමේ දැකල නැ සිරාවටම.
sorry ඒකෙන් මට කතාව අමතක උනා. ඌ හැරිලා උජාරුවෙන් ඇහැව්වා ඇයි කියලා. අක්කා කිව්වා මම මේ තුන්පාරක් එවපු ඉල්ලුම්පත්‍ර වලට මොකද උනේ කියල බලන්න ආවේ කියලා. උගේ ඇස් දෙක ඔලුව වටේ කැරකිලා නෝනි අක්කගේ ඇඟපුරාම ගිහින් අන්තිමට මලපැනපු අහිංසක ඇස්දෙක ගාව නතරවෙලා ජිල් බෝල වලට වැටෙනවා වගේ ඇතුලට ගියා. අනේ කියල හිතුනා ඊට පස්සෙ. file එකක් අරගෙන දීල කිව්වා මේකේ තියනවද කියල බලන්න කියලා. ඒකේ තිබ්බේ නැ කරුමෙට. ඊට පස්සෙ කිව්වා 'පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න, අත්සන් කරන්න දාලා තියනවා තව ටිකකින් එනවා ඒකෙද බලන්න ඕනේ' කියලා. අපි ඉන්නවා ඉන්නවා කිසිම සද්දයක් නැ. අන්තිමට නෝනි අක්කා මල අතට අරගෙන ගිහින් කිව්වා, "අපි දුර ඉඳන් ආවේ, මොකද මේකට කරන්නේ මට උත්තරයක් ඕනේ" කියලා. එතකොට තමා අර දියබරියගේ පස්ස පුටුවෙන් උඩට ඉස්සුනේ. රවුම් දෙකක් විතර කැරකුනා ඒත් සද්දක් නැ. ඔන්න ඔය වෙලාවේ මට තව මාමා කෙනෙක් සෙට් උනා. එතුමා ඇවිත් තිබුනේ දුවගේ උපාදි ලියාපදින්චියටලු. එතුමා එතන ඉන්න පියන්ගේ ඉඳන් ලොක්කට යනකන් sir කියකියා එහෙටදුවනවා මෙහෙට දුවනවා. මිනිහගේ මහන්සියෙ හැටියට උපාධි සහතිකෙත් එදාම දෙන්නෝනේ කියලයි මට හිතුනෙ. ඒ තරම් පවු. මැන්ස් ගෙ කතාව දුක්බර එකක් වෙන්නැති කියලයි මට තේරුනේ, නමුත් ඒ වගේ ගොන්නු ඉන්න හින්ද තමා අර පුටු රත්කරන දේශපාලනෙන් ආපු හෙන්චිය්යෝ sirකමට වහල්වෙන්නේ කියලා මට පොඩි අනුකම්පා සහගත මලකුත් පැන්නා. ඔය අතරේ සිරාවට ඇඳගත්ත නෝන කෙනෙකුයි මහත්තයෙකුයි ආවා. අම්මට සිරි කියපිය. අරපුටුවල හිටපු උන් ඔක්කොම බල්ලෝ සෙට් එකක් හඳ පායපුදාට බැල්ලියෙක් පස්සෙ පොරකකා යන්නා වගේ, උන්ගේ පස්සෙ වැටිලා දුවන්න පටන්ගත්තා. එකෙක් කියනවා "sir එන්නොනේ නැනේ, call එකක් දුන්නනම් වැඩේ කරල එවනවනේ" කියලා. අර මාමා ගැන මට මාර දුකක් ඇතිවුනේ එතකොට.
අපි ඒ නාඩගමත් බල බල ඉඳලා තව පැය භාගයක් විතර කැවා. දැන් මුළු වැඩේටම පැය දෙකක් විතර චාටර්, ඒත් කිසිම හාවක් හූවක් නෑ. අයෙත් නොනි අක්කා ගියා අරූ ලඟට. ඌ හදිස්සියේ පෙට්ටියක් අදින්න පටන්
ගත්තා. මන්හිතන්නේ අක්කගෙ යථාර්තවාදී කොරළවැල්ලේ බස්වහර එලියට එන්නැති කියලා. මම මොකද කලේ, ශාන්ත විදියට මේසෙට කිට්ටු කලා. මෙන්න බොලේ අවේ නැ කියපු addmission එක හතරට පහට නැමිලා පෙට්ටියෙන් එලියට ආවා. මට මාර ජුවල්. මොනතරම් කට්ටක් කාලද ආවේ, තව මෙතන බලපු නාඩගම්, මට අපේ ලංකාවේ බාහිර විශ්ව විද්‍යාලවල ඉගෙනගන්න කට්ටිය ගැන මාර දුකක් තමාඇති වුනේ. නිකන්ම නෙවෙයිනෙ සල්ලිවලටනේ ඒකත් කරන්නේ. සල්ලිගන්නෙත් මුන්මනේ. දැනගන්නොනේ ඉනිස්සුන්ව රස්තියාදු නොකර වැඩ කරලා දෙන්න. ඒ උනාට අර එක බාහිර අංශයක ලොක්කෙක් ඉන්නේ රටේ සල්ලි වලින් පිටරට ගිහින් බටහිර විද්‍යාවෙන් phd ගහලා ලංකාවේ උන්ට දේශීයත්වයෙන් පමණක් ඉදිරියට යන්න කියන, විද්‍යාව බොරු කියන, බාගෙට රහත් විච්ච, පරණ වාමාංශික පිස්සෙක්. රෙද්ද ඇඳලා TV programm වලටගිහින් දේශීය පොරක් වෙලා, ජාතික ඇඳුමේ උඩකෑල්ලට denim එකක් ඇඳලා campus එකේ පච හලලා ඒ denim එකටම ටී ෂර්ට් එකක් දාගෙන private courseවල ලක්ෂ ගණන් වලට නිදහස් අධ්‍යාපනේ විකුණන, වරප්‍රසාද වෙනුවෙන් පොලිටික්කන්ගේ කුනුඅදින එවුන් නිසා සහ උන්ගේ රෙදිහෝදන අරවගේ කාපලුවෝ, පුටු රත්කරන ඉස්තිරික්ක හෙන්චයියෝ සෙට් ඉන්නකන් උසස් අධ්‍යාපනේ හුචස් අධ්‍යාපනේ වෙනවා මිසක් හරියට ක්‍රියාත්මකවෙයිද මං අහන්නේ ඈ.
අනේ ඔය sir කියලා අහගන්න ආස මාමලාට පොරොන්දු වෙනවා දවසක මම ලොකු සල්ලිකාරයෙක් උනාම හැම හන්දියකම, හැම විශ්වවිද්‍යාල office එකකම ස්පීකර් දාලා දිගටම sir සද්දේ ඇහෙන්න සලස්වනවා කියලා. එතකන් අහිංසක ලංකා දූ පුතුන් රස්තියාදු කරවන්නේ නැතුව ගන්නපඩියට ණය නොවී වැඩ කරන්න කියලා බැගැපත්ව ඉල්ලා සිටිනවා.
ඒ සඳහා ඔබට සැමදා sir කියන්න සැදී පැහැදී ඉන්න,
හේතුහාමි.
Subscribe to:
Posts (Atom)