හේතු හාමි ලංකාවෙ මාධ්‍ය ගැන කලින් ලියපු ලිපිය මෙන්න. ඔය love@8 එක ගැන මටත් දෙයක් කියන්න තියෙනව. ඒ කාලේ, මම බඳින්න එහෙම කලින්, වැඩ ඇරිල ආපු ගමන් ඉතින් love@8 තමා.... ලස්සන ගෑනු ළමයෙක් තමයි ඉතින් news කිවුවෙ... සීදේවි ළමය...ඇට බෝල මාල 7ක් දාල..තොල් පාට කරලා..මූණ රත්තරන් පාටයි දිලිසෙනව වැඩියි අප්පා !!..tv brightnes පවා අඩු කරල තියෙනවා news බලා ගන්න..!!
විශේෂත්වය තමයි..එයා news කියන්නෙ ඇස් දෙකෙන්..ඒ ඇස් දෙක දැක්කම..news මැවෙනවා..විකාරත් ඔලුවට එනවා, "එවන් රළු රක්ෂාවක් කරන්න වෙලා තියෙන්නෙ ඇගේ අසරණකම නිසාද..", "කාත් කවුරුවත් නැති කෙනෙක් ද.." , "ඒ රක්ෂාව එයාට සුදුසු නෑ".. තව කීදෙනෙක් news බලනව ඇද්ද..කියල ඊර්ෂ්‍යාවකුත් ඇති වෙනව..
"අයියන්ඩි ..මේ news කියන එක ඔක්කොම බොරුවක් අයියන්ඩි..කෲර මින්ස්සු මාව මේ මැදිරියේ හිර කරල..අනේ ඇවිත් මාව බේර ගන්න.." වගේ ආයාචනයක්ද ඈ ඒ ඇස් දෙකෙන් කරන්නෙ? ..
මට තාම මතකයි එදා..love@8 එකේ පලවෙනි news එක..නපුරු මිනිහෙක් පිස්සු බල්ලෙක්ට ගලකින් ගහපු ඛේදනීය කතා පුවතක්..අනේ..අර කෙල්ල news එක කිවුව..ඇස් දෙකෙන් කිවුවෙ......ඒ අහිංසක පිස්සු බල්ල, අර සාහසිකයගෙ තට්ටම කාපු පලියට..කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව , අර සහාසික මිනිහ ගඩොලකින් බල්ලට ගහපු පාර , ගඩොල් කෑල්ලක් වැදිලා අහිංසක බල්ලගෙ ඇහැක් අන්ද වෙන්නම ගිහිල්ල..දුකම හිතෙන්නෙ, ඊට පස්සෙ, බලු van එකකින් ඒ අහිංසක බල්ලවම අරන් ගිහින්..මේ වෙනකන් කවුරුත් දන්නේ නෑලු කොහෙටද ගෙනිච්චේ,මොකද කරේ, ඇයි ගෙනිච්චේ, කින්ද මන්ද කියල. මලු රට ම නිශ්ශබ්ද වුණා වගේ දැනුන..එකම ස්වරයකින් මුළු රටම සුසුම් හෙලපු අවස්ථාවක් වෙන්න ඕන ඒක..සෙන්ටි වුන පාර..කිසිම බල්ලෙක්ට එහෙම වෙන්න එපා කියල මම අපේ නාන්නේ නැති වල් බල්ලගෙ ඔලුවත් ඉම්බ..තාම මතකයි බලු ගඳ...!....... චඃ. මාතෘකාවෙන් පිට ගියා.
දැන් ඔය හේතු හාමි මොන මාධ්‍ය සදාචාරය ගැන කියුවත්, කොච්චර ටෝක්ස් දුන්නත්, මං අහන්නේ. ඔය love@8 වගේ එකක් වත් නැත්තන්, අපිට බලන්නට වෙන මොනාද අප්පා තියෙන්නෙ ...? ඔෂින් ඉවරයි, ශාන්ති ඉවරයි, රොබින්හුඩ් ඉවරයි, ටාර්සන් ඉවරයි, සූරපප්පා නෑ, ටින්-ටින් ඉවරයි , දූදරුවෝ නෑ(ආයේ පෙන්නයිද දන්නේ නෑ.. හෆොයි), අපි නොදන්න live නෑ, ඉතින් ඔය ඔක්කොම එකට දාල , එකා බද්ද කරල (මෙන්න මේ වගේ), මෙවුව කරපු, එකක් තමයි love@8 කියන්නෙ. දවස පුරා මහන්සි වෙලා , ශක්තිය වැය කරල, ගෙදර ඇවිල්ල, viva එකක් බීල ,වැයවුණු ශක්තිය නැවත ලබාගෙන, love@8 බලල තමයි අහිංසක ජනතාව ගොඩ යන්නෙ. මේ හේතුහාමි එකටත් කෙලින්න හදන්නෙ.
මගෙත් viva එක ලෑස්තියි,
නැවත හමුවෙමු,
මීට,
s. ආනන්ද.
(ඔබාමට ජයෙන් ජය)