Sunday, December 16, 2012

මුස්ලිම් රෙදි කඩවල විකුණන උපත් පාලන ටොපී


අපේ ගමේ හන්දිය කියන්නේ වෙලාවකට ලේක් හවුස් එකට වැඩිය news එන ස්පෝට් එකක්. මම ගිය දවසක ගියා තම්බි කඩේ මුදලාලිගෙ පුතාගේ මගුල්ගෙදර. හන්දියේ මොකද්ද මාර පොස්ටේර් එකක් තිබ්බා. කට්ටිය වටවෙලා බලනවා. මම වෙලා ගිය හින්ද ඉක්මනට එතනින් මාරු වුනා.

මාර මගුලක් තමා ඒක. හරිම සුන්දර චාම් එකක්. වැඩි කැටයම් තිබ්බේ නෑ. මං හිතන්නේ වැඩි වියදමකුත් නැහැ. මම යනකොටම මුදලාලි ඇවිල්ල "යෙන්ඩ මල්ලි, යෙන්ඩ අපි යෝක්කොම ඉතුවේ මල්ලිලා තරහ වෙලා යෙති කියල. මොක්ක්ද මේ දවෂ් වල අපිට මාර ෂීන් එකක්නේ වැටිලා තියෙන්නේ. අපි වන්ද ඔක්කොම වෙන්ඩ බෙහෙත දාල ටොපි දෙනවා කියෙලා අපේම කොල්ලෝ ෂෙට් එක පෝස්ටර් එකක් ගහල නේ පොඩි රෙදි marketing එකකට. යිතින් යපේ කඩේ බදු ගන්න යෙන යෝක්කොම තමා එන්නේ එපා කියෙල අර බොඩු ශන්ගමේ කොල්ලෝ ෂෙට් එක වලිය දාලා ආයෙ තව පොශ්ටෙර් ගහල. කමක් නේ මල්ලි, මල්ලි හොඳ මුනියනේ, අපි දන්නවනේ ඉෂ්ෂර ඉඳලා. ඒක තමා මම ෂීන් එක මල්ලිට කියන්නේ. යපේ කොල්ලෝ පොඩි මර්කෙටින් වැඩක් තමා කරලා තියෙන්නේ අපේ රෙදි කඩ ටිකේ නම පොඩ්ඩක් හදාගන්න. දන්නවනේ මල්ලි මිනිශ්ශුන්ට ටග්ගාල brand එකා අමතක වෙනවනේ. දැන් බලන්ඩ යුද්දේ තිබ්බ. මිනිශ්ෂු මරුනා. ශුනාමි අවා. මිනිශ්ෂු මරුනා. මුක්කුත් මතක නේ නේ. යේ වුනාට සප්තෙම්බෙර් 11 ඇමෙරිකාවේ බෝම්බෙට යපේ ශර්ලා ශෝකේ තමා දුන්නා යපේ ගානේ. මොකද ඒක හොඳට 
මාර්කෙට් උනානේ." 
මට කතා කරන්නවත් විදියක් ඉතුරු නොකරම දිගටම තම්බිගේ හිතේ තියෙන දේ කියාගෙන යනවා. මම මරන්න ගෙනාපු හරකා වගේ බලාගෙන ඉන්නවා.

"නික්කම මම අපේ කොල්ලන්ට කිව්වා ඕක මර්කෙටින් එක, පිෂ්ෂු වෙලා නතරවෙන්නේ කියලා. මොකද, වැඩියෙම ලංකාවේ 
කට්ටිය කන්නේ ශෛවර් කඩෙන් නේ. යෙ ගොල්ලන්ට වෙලා නැනේ උයන්ඩ ගෙදර ඉඳලා. අන්තිමට මොකක්ද උනේ යපේ ග්‍රාම ශේවක 
මහත්තයගේ දෙවැනි ළමය මරුන ෂීන් එකත් මගේ කරෙන් ගියා. මිනිහ කියනවලු ළමය නැති උනේ මගේ කඩේ කැම කාලා කියලා. අම්මප මට 
මහනවෙන්ඩ හිතුනා මල්ලිට කියන්ඩ. තුන්වේලටම පොඩි ෂොට් එකෙක් දාගෙන යපේ කඩෙන් පාම්පිටිම කාපු මහත්තය, මං දියා බලන්නේ නෙතුව අපේ ශෙල්ලදොරේ මල්ලිගෙන් උළුඳු වැඩේ දෙකක් අරගෙන මට රවාගෙන ගියා. මල්ලි මගේ අංග හිරි වෙටුනා. යුද්දේ කාලේ ශේල්ලෙට බැනපු තරම් මල්ලිට කියන්න, අපේ ගෑනිට අන්තිම ළමයා හම්බවෙන්න ඇත්තේ  ඒකෙන්ම කියලා මගේ කඩේ කොත්තු දාන දාස කොල්ල හැමදාම කියනවා.  මම පශ්ශේ අපේ මශ්ශිනා  doctor ලතීෆ්, හන්දියේ දිස්පෙන්සරි එකේ. මල්ලි දන්නවනේ?(මම ඔලුව වැනුවා. මිනිහට හිතුනේ මට මිටර් නැහැ කියලා.) doctor නිලමේ මෙරුනට පශ්ශේ පොරණේ දැන් බේත් දෙන්නේ ඔක්කොම. නිලමේගේ ෂන් කුවේට් එකේ driver කෙනෙක්නෙ. තාත්තගේ තැන කුලියට දීල තියෙන්නේ. අලි, මල්ලි දන්නවනේ dialඑක දැන්? (මම ඔලුව හෙල්ලුව මොකද්ද කියන්නේ යන්නේ කියල හිතාගන්න බැරුව) එයා තමා ඔක්කොම ග්‍රාම ශේවක මහතෙගේ කේෂ් එක handdal කරලා තියෙන්නේ. ළමය හැදිලා නෙල්ලු. ජීවත් වෙන්න තරම් ශක්තිය නෙල්ලු. මොකද උපතින්ම දුර්වලෛ කිව්වා. යනික, උන්ග කාලෙකින්ලු නෝනා ලමයි හදන්න plan කරලා තියෙන්නේලු. ලොකු බේබිට වඩා 10 years බාළලු ළමය. අනික ඔක්කොම ශීශර් එකලු දෙන්නම. මල්ලිට කියන්ඩ, මාර ෂෙපක් නේ නෝනට තිබ්බේ. යපේ ගේනි අටක් හේදුවා. ලොකු දුවගේ පොඩි යෙකාට වඩා මාශ දෙක තමා මගේ පුන්ච්චිම කොල්ලගේ වයෂ අඩු. මල්ලිට කියන්ඩ මම අටටම නුදුන්න ශේපක් තමා නෝනට මහත්තයා දුන්නේ. මල්ලි කියන්ඩ ගියපාර පන්ශ්ලේ කටින යෙකට ශුද්දකරපු කොෂ් ගෂ් දෙක ටවුමට යෙවල කෙලින්ම බෝතල් දෙකක් අරන්, ආවා මගේ කඩේට. මල්ලිට කියන්ඩ ලොස් නෑ මල්ලි. බාබත් පාර්සල් 4ඉ. වෙනම පීකුදු, හොඳම පැටියගේ එක, හරි. සුපිරි කෑම, පුඩ් සිටි ඒකෙන් ටඋමේ ඉඳන් පෙට්ටි පෙට්ටි රට කේම ඔක්කොම හරි. රට පළතුරු ලශ්ශනේ බැ. පොත්ත නිකන් දැන් 
කැඩුව එක තමා. පිශ්සු හැදෙනවා. මල්ලි කියන්ඩ මල්ලි, ඇඳෙන් බහින්ඩ දුන්නේ නෑ. වෙඩට 4දෙනෛ. මගේ කඩෙත් එච්චර කට්ටිය නේ. ආයේ චූ බර වෙඩි උනත් මහත්තයා ඉවරෛ, සැපටම තමා ලෙට් එකට යෙන්නත් ඕනේ.  ඇග හොල්ලන්නෙ නැතුව තමා හිටියේ".

"යේකට අපේ ගේනි පොඩිම යෙකා හම්ඹෙන්න යින්නකොට  ළඟ ඉටියේ අපේ ලොකු කොල්ලගේ ගේනි. එකී කියෙනවා කේම ගෙන්න කැන්ටිමට ගිහින් එනකොට දවල්, පොඩිකේක් එක්ක ගේනි ඉන්නවලු යෙන්දේ. මල්ලි කින්ඩ මම පෙත්තෙට ගියේ නේ මල්ලි. මම යෙතකොට මක්කම ගීල්ල ඊද් යෙකට. මාශ තුනකින් පශ්ශේ තමා දෙක්කේ".

"ඉතින් මල්ලි කින්ඩ මාර කේෂ්.  මල්ලි එක ශින්ගල මුනියක් එන්නේ නේ කඩේ දැන්. යපේ යෝක්කොම යෙන හින්ද බිශ්නෂ් අඩු 
නේ. අපේ කොමත් ශේනග දැන් යින්නවනේ. යපි මල්ලිට කියන්නඩ අර පවු හිගන්නා බඩගින්නේ මල්ලි. උට මම තමා දුන්නේ කන්ඩ. අපේ කඩේ පැට්ටටඑනව දැකලා ජෙමිෂ් මාමගේ කොල්ල ඌට ගාලා. 'තම්ම්බි කඩෙන් හිඟා කන්න එපා. ඊට වඩා හොඳයි බඩගින්නේ මැරෙන එක කියලා.' කියල. මේ ඔක්කොම අශ්ශේ කොහේටවත් නැති පොරවල්, ෂෙට්, ජාතිවාදේ දාල උන්ගේ ගේමේ, ගොඩයන්න හදනවා මල්ලි. අපේ ඔක්කොම කොල්ලෝ තමා අන්තිමට පරිප්පු කන්නේ මතකනේ ඉෂ්ෂර? බය තියෙන්නේ අර බොඩු ෂෙට් එක ඇවිල්ල ෂීන් එකක් දැම්මොත් ආයේ 83 නේ වගේ වෙයිද කියල.  පොඩි මර්කෙටින් වෙඩක් වත් මේ කට්ටියට තේරෙන්නේ නේ නේ. අරි මල්ලි ෂෝරි යන් කණ්ඩ. මගේ කතාව දිග ඔක්කොම වෙඩි උනා නේද. අනේ යපේ drinks ඔක්කොම නැනේ. බුර්යානි තමා තියෙනවා. හලාල් චිකෙන් ඒක. මල්ලිට කියන්ඩ, ඔය හලාල් එකත් පොඩි මර්කෙටින් එකක්නේ. පොඩිත් නේ. අර පොඩි ගනනක් දීලා brand එක විතරෛයි ගහගන්නොනේ. යේකත් වෙඩිපුරම අහන්නේ Dubai ගිහිල්ල ආපු ශින්ගල කට්ටියනේ මල්ලි. ෂරි මල්ලි යෙමු යෙමු කණ්ඩ. ඔක්කොම බිශ්නෙෂ් නේ. අපි මොකකටද තරා වෙන්නේ නීද? ඊශ් අල්ලා යෙමු" 

මට නිකන් වචන නැති උනා අම්මප කතාකරගන්න. කාපුගමන්ම මම හන්දියට සින්ග්ගාල ආවා ගෙදර එන්න. එනකොට තම්බි මාව 
ගෙදට්ට ඇරලන්න කියලා සමන් අය්යව එවලා තම්බිගේ වීල් එකේ. මට හිතුනා අපිම තමා පටලාගෙන ඉන්නේ කියල. හන්දියට එනකොට බොදූ 
සංගමේ විරෝදතාවක්. මම දැක්කේ නැ වගේ යන්න හදනකොට පොඩි drink එකක් දාල හිටපු ග්‍රාමසේවක මාමා, මාව වීල් ඒකෙන් ඇදලා 
එලියටගත්තා, 'උඹ බෞද්ධයෙක් නෙමෙයිද' කියල අහලා. කියන්නොනේ ඔක්කොම මුදලාලිම කිවුවනේ. මොනා කියන්නද කුධා හෆීස් + බුදුසරනෛ කියන්නැතුව. 

ස්තුතියි,
හුදා හෆීස්'
සිංහල ජාතියට මොලේ පෑදේවා!
මීට ජාතිවාදී හේතුහාමි

Sunday, December 2, 2012

බාහිර උපාධි ආයතන වල කාර්යාල



විශ්ව විද්‍යාල පවත්වාගෙන යන බාහිර උපාධි ආයතන වල කාර්යාලය කියන්නේ මොනවද යන්න පිලිඹදව සාකච්චා කිරීමේදී මට මාර අත්දැකීමක් ලබන්න සිද්ද උනා ගීය 28වෙනිදා. අනේ සමාවෙන්න මොකද මගේ භාෂා පරිචය එන්න එන්න ම ව්‍යක්ත වීගෙන එනවා වගේ තේරුනට මම හෙතුහාමිම තමා. අපේ අල්ලපු ගෙදර නෝනි අක්කගෙ බාහිර උපාධියේ කේස් එකකට මාව කොළඹ විශ්ව විද්‍යාලයට එක්කරගෙන ගියා එයාගේ තනියට. එතනදි තමා මගේ අව්‍යාජ ගැමි භාෂාව ව්‍යාජ පොර වහරක් බවට පත් උනේ. එහෙම තමා ඒවගේ ඇතුලට නිකන් යන උන්ටනේ වැඩිම රස්නේ වදින්නේ. නෝනි අක්කගේ විභාග ඉල්ලුම්පත්‍රය වෙනුවෙන් තුන්වතාවක් විභාග ගාස්තුත් බැඳලා තමා ඉල්ලුම් කරලා ලියුම් දාල  තිබුනේ. මාස තුනක් ගිහින් අනික් යාලුවොන්ට ඇඩ්මිෂන් එකත් ඇවිල්ල. ඒ උනාට මෙයාගේ ලියපදින්චියවත් ඇවිත් තිබුනේ නැති හින්ද call කරලත් කිසිම උත්තරයකුත් නැති හින්ද තමයි ගමේ ඉඳලා මෙච්චර දුර එන්න වූනේ.

ඔන්න අපි ආවකියන්නකෝ office එකට. අතුලු වෙන තැනම හිටපු ලස්සන ඇන්ටි කෙනෙක් අතින් පෙන්නලා කිව්වා ඇතුලේ වාඩි වෙලා හිටපු අය්යා කෙනෙක් ගාවට යන්න කියලා. අපි එතනට ගියා. ඒ  
බුවා අපිව ගනන්ගත්තෙ නැ කියන්නකෝ. උගේ අසුන්දර මූන දිහා බලාගෙන ඉඳලා ඉඳලා මට එපා උනා. කාගේ හරි පිටක්  කහපු පාර අස්සට ගිය කුණු නියපොතුවල එවලෙත් තිබුනා. හිතාගන්නකෝ dial 
එක කොයි වගේ වෙන්නැතිද කියල. චීය කියලත් හිතුනා. ගමේ ඉඳන් කොළඹටමගිය අපි දෙන්නට පරිප්පු පිට පරිප්පු සෙට් උන එක ගැන මම ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මාර ආඩම්බර කාර කමක්තමා ඇති වුනේ. 
120,138 rootඑකේ එක ප්‍රයිවෙට් බස් එකක්වත් වැඩ කරන්න නැ. ස්ට්‍රයික් එකක් ලු. අලුතින් bus පාරට දැම්මා කියලා ලු case එක. මහජනයාට හොඳ සේවයක් ලැබෙන එක දිරවන්නේ නැති සල්ලි වලට කෑදරම කෑදර bus අයිති මන්ත්‍රී මාමි කෙනෙක්ලු එකට මූලික වෙලා තිබුනේ. ආඩම්බරයි  නේද? අපිට අපි පත් කරපු නියෝජිතයෝ කොච්චර සේවයක් කරනවද කියලා. එකත් කාගෙන ගිහින් එතන හිටගෙන සැහෙන වෙලාවක් ඉඳලා පණ යන්න ඔන්නමෙන්න තියෙද්දී නොනි අක්ක නානය කියන මීටරේ පාවිච්චි කරලා sir කිව්වා විතරයි දිරච්ච් කෝටු කැල්ලක් වතුරට දැම්මම දියාරු වෙලා පොතු ගැලවිලා යනවා වගේ අර බුවා මගේ සුන්දර වපර ඇස්දෙක දිහා බැලුව කියපන්කො ඔලුව උස්සලා. මට මාර fun එකක් ගියේ. "අනින්නද හොම්බට කියල හිතුනි මට" කියන කවිපදේ මට මතක් උනා. මුන්ට sir කියලා අහගන්න තියෙන ආසාව අම්මප. මුන්ගේ  මූණට ලේ උනන්න්නේ ඒක ඇහුණාම කියන එක එදා තමා අහිංසක මට තේරුනේ. මට හිතුනා sir කියලා දිගටම කියවෙන සින්දුවක් කරලා ඉරාජ් මාමිට copy කරන්න සලස්වන්න. එතකොට මෙලෝ රහක් නැතුව ඇහෙන ringing toneඑකකුයි, itune එකකුයි හැදෙයි නේ. ඔයවගේ එකෙක් ඒ වගේ එකක් අහල සදාකාලිකව මූණ තෙත කරගෙන ඉඳියි. ඒකත් මහා සේවයක්, පුන්න්‍ය කර්මයක් කියල හිතුනා. මම ඒක ගැන මෙච්චර කතාකරේ එතරම් උඩගු එකෙක් මම ගමේ දැකල නැ සිරාවටම.

sorry ඒකෙන් මට කතාව අමතක උනා. ඌ හැරිලා උජාරුවෙන් ඇහැව්වා ඇයි කියලා. අක්කා කිව්වා මම මේ තුන්පාරක් එවපු ඉල්ලුම්පත්‍ර වලට මොකද උනේ කියල බලන්න ආවේ කියලා. උගේ ඇස් දෙක ඔලුව වටේ කැරකිලා නෝනි අක්කගේ ඇඟපුරාම ගිහින් අන්තිමට මලපැනපු අහිංසක ඇස්දෙක ගාව නතරවෙලා ජිල් බෝල වලට වැටෙනවා වගේ ඇතුලට ගියා. අනේ කියල හිතුනා ඊට පස්සෙ. file එකක් අරගෙන දීල කිව්වා මේකේ තියනවද කියල බලන්න කියලා. ඒකේ තිබ්බේ නැ කරුමෙට. ඊට පස්සෙ කිව්වා 'පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න, අත්සන් කරන්න දාලා තියනවා තව ටිකකින් එනවා  ඒකෙද බලන්න ඕනේ' කියලා. අපි ඉන්නවා ඉන්නවා කිසිම සද්දයක් නැ. අන්තිමට නෝනි අක්කා මල අතට අරගෙන ගිහින් කිව්වා, "අපි දුර ඉඳන් ආවේ, මොකද මේකට කරන්නේ මට උත්තරයක් ඕනේ" කියලා. එතකොට තමා අර දියබරියගේ පස්ස පුටුවෙන් උඩට ඉස්සුනේ. රවුම් දෙකක් විතර කැරකුනා ඒත් සද්දක් නැ. ඔන්න ඔය වෙලාවේ මට තව මාමා කෙනෙක් සෙට් උනා. එතුමා ඇවිත් තිබුනේ දුවගේ උපාදි ලියාපදින්චියටලු. එතුමා එතන ඉන්න පියන්ගේ ඉඳන් ලොක්කට යනකන් sir කියකියා එහෙටදුවනවා මෙහෙට දුවනවා. මිනිහගේ මහන්සියෙ හැටියට උපාධි සහතිකෙත් එදාම දෙන්නෝනේ කියලයි මට හිතුනෙ. ඒ තරම් පවු. මැන්ස් ගෙ කතාව දුක්බර එකක් වෙන්නැති කියලයි මට තේරුනේ, නමුත් ඒ වගේ ගොන්නු ඉන්න හින්ද තමා අර පුටු රත්කරන දේශපාලනෙන් ආපු හෙන්චිය්යෝ sirකමට වහල්වෙන්නේ කියලා මට පොඩි අනුකම්පා සහගත මලකුත් පැන්නා. ඔය අතරේ සිරාවට ඇඳගත්ත නෝන කෙනෙකුයි මහත්තයෙකුයි ආවා. අම්මට සිරි කියපිය. අරපුටුවල හිටපු උන් ඔක්කොම බල්ලෝ සෙට් එකක්  හඳ පායපුදාට බැල්ලියෙක් පස්සෙ පොරකකා යන්නා වගේ, උන්ගේ පස්සෙ වැටිලා දුවන්න පටන්ගත්තා. එකෙක් කියනවා "sir එන්නොනේ නැනේ, call එකක් දුන්නනම් වැඩේ කරල එවනවනේ" කියලා. අර මාමා ගැන මට මාර දුකක් ඇතිවුනේ එතකොට. 

අපි ඒ නාඩගමත් බල බල ඉඳලා තව පැය භාගයක් විතර කැවා. දැන් මුළු වැඩේටම පැය දෙකක් විතර චාටර්, ඒත් කිසිම හාවක් හූවක් නෑ. අයෙත් නොනි අක්කා ගියා අරූ ලඟට. ඌ හදිස්සියේ පෙට්ටියක් අදින්න පටන් 
ගත්තා. මන්හිතන්නේ අක්කගෙ යථාර්තවාදී කොරළවැල්ලේ බස්වහර එලියට එන්නැති කියලා. මම මොකද කලේ, ශාන්ත විදියට මේසෙට කිට්ටු කලා. මෙන්න බොලේ අවේ නැ කියපු addmission එක හතරට පහට නැමිලා පෙට්ටියෙන් එලියට ආවා. මට මාර ජුවල්. මොනතරම් කට්ටක් කාලද ආවේ, තව මෙතන බලපු නාඩගම්, මට අපේ ලංකාවේ බාහිර විශ්ව විද්‍යාලවල ඉගෙනගන්න කට්ටිය ගැන මාර දුකක් තමාඇති වුනේ.  නිකන්ම නෙවෙයිනෙ සල්ලිවලටනේ ඒකත් කරන්නේ. සල්ලිගන්නෙත් මුන්මනේ. දැනගන්නොනේ ඉනිස්සුන්ව රස්තියාදු නොකර වැඩ කරලා දෙන්න. ඒ උනාට අර එක බාහිර අංශයක ලොක්කෙක් ඉන්නේ රටේ සල්ලි වලින් පිටරට ගිහින් බටහිර විද්‍යාවෙන් phd ගහලා ලංකාවේ උන්ට දේශීයත්වයෙන් පමණක් ඉදිරියට යන්න කියන, විද්‍යාව බොරු කියන, බාගෙට රහත් විච්ච, පරණ වාමාංශික පිස්සෙක්. රෙද්ද ඇඳලා TV programm වලටගිහින් දේශීය පොරක් වෙලා, ජාතික ඇඳුමේ උඩකෑල්ලට denim එකක් ඇඳලා campus එකේ පච හලලා ඒ denim එකටම ටී ෂර්ට් එකක් දාගෙන private courseවල ලක්ෂ ගණන් වලට නිදහස් අධ්‍යාපනේ විකුණන, වරප්‍රසාද වෙනුවෙන් පොලිටික්කන්ගේ කුනුඅදින එවුන් නිසා සහ උන්ගේ රෙදිහෝදන අරවගේ කාපලුවෝ, පුටු රත්කරන ඉස්තිරික්ක හෙන්චයියෝ සෙට් ඉන්නකන් උසස් අධ්‍යාපනේ හුචස් අධ්‍යාපනේ වෙනවා මිසක් හරියට ක්‍රියාත්මකවෙයිද මං අහන්නේ ඈ. 

අනේ ඔය sir කියලා අහගන්න ආස මාමලාට පොරොන්දු වෙනවා දවසක මම ලොකු සල්ලිකාරයෙක් උනාම හැම හන්දියකම, හැම විශ්වවිද්‍යාල  office එකකම  ස්පීකර් දාලා දිගටම sir සද්දේ ඇහෙන්න සලස්වනවා කියලා. එතකන් අහිංසක ලංකා දූ පුතුන් රස්තියාදු කරවන්නේ නැතුව ගන්නපඩියට ණය නොවී වැඩ කරන්න කියලා බැගැපත්ව ඉල්ලා සිටිනවා. 

ඒ සඳහා ඔබට සැමදා sir කියන්න සැදී පැහැදී ඉන්න,
හේතුහාමි.        

Tuesday, November 27, 2012

ඉල්මහා පෝය


           අද ඉල්මහා පෝය දවස. ඒ කියන්නේ නොවැම්බර් මාසෙ පෝය.මේ පෝයේ විශේෂත්වේ තමා බුද්ධ සාසනයේ පළමු ධර්ම ප්‍රචාරණය ආරම්භ උනේ මේ වගේ දවසක වීම.ඒ ව ගේම බුදුරජානන්හන්සේ දම්සක් පැවතුම් සුත්‍ර දේශනාව කරලා මාතෘ දිව්‍යරාජයාට ධර්මදේශනා කරන්න තුසිත දෙව් ලොවටගියේමේ වගේ උතුම් දවසකයි. මිත්‍යාවෙන් අන්ද වූ ලෝක වැසියාගේ හිතසුව පිණිස මිත්‍යාවෙන් ගලවගන්න තම ශ්‍රාවකයින්ව ධර්ම ප්‍රචාරයේ යවන්න බුදුන් තීරණය කල ඒ උතුම් පොයද අදයි.අද වැදගත්කමට සරිලන දහම් වැඩසටහන් ලංකාව පුරාම පැවැත්වුනා.

           ඒ කලේ තිබ්බේ අරණ්‍ය සේනාසන සහ වෙහෙර විහාර කියන භික්ෂු වාසස්ථාන  හැබැයි පන්සල තිබිල නැහැ. පන්සල් කියන්නේ හින්දු බලපෑම නිසා සහ  සමහර අධර්මචාරීන් විසින් සුඛ විහරණය සඳහා මෙන්ම පරම්පරා, නිකාය පවත්වාගෙන යන්න  හදාගත් ඒවා බව දුටුවම මගේ මනස්ගාත මනස මනමෝහනයටපත් උනා. අපේ පන්සලේ හාමුදුරුවෝ නොකියන මේ රහස ගැන අපේ අල්ලපු ගෙදර ටික්කා මල්ලි පන්සල් ගිහින් එනකොට ගෙනාපු බූන්දි ඔතාපු පත්තර කොළ කැල්ලෙ තිබිල කියවව්වා. අපේ හාමුදුරුවෝ පන්සල්වත්තට එහා වැටේ හිටපු පිංහාමි මාමත් එක්ක නඩු කියල අන්තිමට උන්දැව ගමෙනුත් පන්නගත්ත කතාව ප්‍රසිද්ධ අභිරහසක්. මොකද ගියපාර සල්පිල දවසේ අවාසගෙට පැනපු හොරු අල්ලගත්ත වෙලාවේ පොලිස් සර්ජෙන්ට් මහත්තය ගමේ ආරක්ෂක කමිටුව රැස් කරලා කිව්වේ හොරු පන්සලේ ඉඩම් මායිම් වෙනස් කරලා එකම විදියට ඉඩම් ඔප්පු දෙකකුත් හදල තිබ්බ කියල. මොකද උන් උස්සල තියෙන්නේ හාමුදුරුවන්ගේ පෙට්ටගම නෙ. එකේ තිබ්බ බඩු ඔක්කොටම උන්ට්ට නඩු. "එක දවසින් හොරුත් ඇල්ලුවා .උන්ට මොකටද පන්සල් ඔප්පු හදල මොකෑ ලියාගන්ඩ ඈ? " , කියල ඒ වෙලාවේ ඔපිසර් මහත්තය කිව්ව කතාවෙන් ගමටම වැඩේ නොන්න්ඩි උනා. හාමුදුරුවෝ ඔපිසර් මහත්තයව ප්‍රධාන දායකකමින් අයින් කිරීම ඒක තවත් තහවුරු කලා. 

           ඒක මොක උනත් පත්තරේ තිබ්බ කතාවට අනුව නිවන් මග යන කෙනෙක් සියල්ල අතාරින්න ඕනෙලු. ඉස්සර මහා රහතන් වහන්සේලා සොනොන් වල, ගස් යට, ගල්ගුහාවල හුදෙකලාව වාසය කරමින් භාවනා 
කරලා නිර්වානය අවබෝධකර ගත්තලු.  ඊට පස්සේ වස් මාස තුන ඇරෙන්න අනික් හැම මාසයකම ලෝ වැඩ පිණිස චාරිකාවේ යෙදෙමින් ධර්මය දේශනා කරමින් අව්ව, වැස්ස බලන්නේ නැතුව ගම් නියම්ගම් පුරා අවිද්දලු. එතකොටම මට සිහියට අවේ අපේ මුත්තාගේ බණට වඩින්න ආටා එක යැව්වේ නැ කියල ලොකු හාමුදුරුවෝ නාපු එක. පස්සෙ හරි අමාරුවෙන් ආතම්ම ගිහිල්ල වැඳලා  ඒක්කරන් ආවේ. පන්සලේ අලුතෙන් හදපු ටිවුෂන් පන්තියේ සර් අරන්දීපු ඩොල්පින් වෑන් එකෙන් හාමුදුරුවෝ ගමේ කොල්ලෝ සෙට් එක අරගෙන වෙසක් බලන්න ගියපාර කොළඹ ගිය හැටි මතක් උනේ මාර fun feeling එකක් 
ඇඟට එනගමන්. ඒත් එමක්කම ගිය කටිනෙට කලින් ආවාස ගේ AC කරන්න දායක සභාවෙන් ගේමක් දීල ලක්ෂ 2ක් අරගෙන පොඩි හාමුදුරුවන්ට courseඑකක් කරන්න තියෙනවා කියල ඉස්කෝලේ නෝනගේ බෑනා දහම්පාසලට දුන්නු කොම්පුටෙර් එකත් අවාස ගෙට ගත්ත හැටි මතක් උනේ ටීචර් අපේ නැන්දට කියපු කතාවක් හින්දා.ගිය සතියේ ඉස්කෝල හාමිනේ ටවුමට යනකොට දැක්කලු පොඩි නම පෙමෙන්ට් එකේ CD ගොඩක් ළඟ CD තෝරනවා. හාමිනේ ලංවෙලා බලනකොට 3ක් 100ට  තියෙන ෆිල්මුයි ,ගෙමුයි ලු උන්නාන්සේ තෝරන්නේ. මට හිතුනා මේ පැටලුම්  ඇර ඇර ඉන්න වෙලාවේ මටත් ඒ 
course එක කරන්න තිබුනානම් මාරු කියල.  

අනේ මොන මගුලකට ටික්කගේ බූන්දි කන්න සෙට් උනාද කියල ගත්ත පින් ඔක්කොම වතුරේ . සිල් අරගන්න ගමේ පන්සලේ බැරි හින්ද ටවුම කිට්ටුව ලොකු අසපුවක සීල ව්‍යපරෙකට ගිහිල්ල ආතම්මත් එක්ක මං මේ ආවා විතරයි. ඒ සීල ව්‍යාපාරේ නම් ඉතා උසස් මට්ටමෙන් තිබුනා ඇත්තෙන්ම . ඇත්තටම කියන්න එක ඉතාම විධිමත් මෙන්ම ධර්මය ඉගෙනගන්න මං වගේ අයටත් ධර්ම අහන්න නොලැබුණු අපේ ආතම්ම 
වගේ කෙනෙකුටත් එක හරිම වටිනවා කියලා බයනැතුව කියන්න පුළුවන් . එතනත් මාර සීන් එකක් තමා දැක්කේ. සිල් ගන්න ඇත්තන්ට අමතරව ඉස්සර වෙසක් එකට දන්සල් දීල tap වෙන්න ගහල ඔලුබක්කෝ නටපු ටවුමෙ රස්තා කොල්ලෝ සෙට් එක අමුතු කොන්ඩ  කට් ගහගෙන බොක්කෙන්ම දානේ බෙදනවා. කඩියෝ වගේ අමුවෙන්ම වැඩ. මට මාර ප්‍රීතියක් අවේ. මොකද සීල ව්‍යාපාරේට මේ අයත් සෙට් වෙලා,අමද්‍යප වෙලා,ඔලුබක්කෝ නැතුව,තමන්ගේ ඔලුවෙන්ම මේවගේ සාසනික සේවාවක් කරන එක ගැන පින්සිද්ධවෙන්නේ සංවිධායක මණ්ඩලයට කියලා .

ඔය අතරේ මට මට මුත්‍රා බරක් හැදිලා භාවනා වැඩසටහන අස්සේ වැසිකිලිය  පැත්තට ගියා. එනකොට මම දැක්ක පොරක් අර බක්කෝ නටපු සෙට් එක වරකරගෙන පොඩි තෙලක් බෙදනවා. " දැන් බලන්ඩ මල්ලි; මුස්ලිම්,කතෝලික භක්තිකයෝ බයිබලේ,කුරාණේ අතට අරගෙන ලෝකේ පාලනය කරනවා. අපි මෙහෙ අපේ ආගමගැන මත්භේද හදාගෙන නිකාය, භාෂාව භාවිතය සහ පිටක ගැන. අපේ ජාතිය ආගම අදහන අය එකතුවෙලා සටන්කරන්නොනේ අපි වෙනුවෙන්. අපි නැගිටින්න ඕනේ ආගම වෙනුවෙන්. නිකන් ඉන්න එපා මල්ලි". මට ආයෙත් චූ යන්න එනවා වගේ දැනුනා ඒ කතාවට. මට මතක් උනා LTTE කළු කොටි TRAINING එක  යුද්දකාලේ TV එකේ පෙන්නපු හැටි . මට මාරයා නැගලා,සීලේ බිඳීලා,යකෝ මේ සිල් අස්සේ මේ යක්කු වෙන ගේම් වලටනේ සෙට් වෙන්න යන්නේ කියල මගේම අත හපාගෙන කන්නහිතුනා. ජාතිවාදය අඋස්සන්නනේ මුන් හදන්නේ කියල. තව මට හිතුනා ඌට LTTE එක අර ලිස්ට් එකට දන්න අමතකවූනේ ඌත් ඒකට සම්බන්ද එකෙක්වත්ද කියල. නැත්තම් ඒ වැඩපිළිවෙලේ ආරම්භකයා විධීයට LTTE   එක හඳුන්වන එක වෙනුවට උගේ නම දාගන්න බැරිවෙයි  කියන බයටද දන්නෙ නැ කියල.       

          ඉතින් පෝයට මට උන දේවල් වල හැටියට බුදුන් වැඩිය බුදු බණ පවතින,බුද්ධ සාසනය තියෙන මේ පුංචි ධර්මවීපය ධර්මයෙනුත් පැටලිලද කියල හිතුනා. PLZ ඒක නම් කරන්න එපා මොකද ආගමක් නොව උතුම් දර්ශනයක් වන බුදු දහමට ,බුදු පියාණන්ට නිගරු කිරීම මහා පාප කර්මයක්. සමාවෙන්න "කර්මය' කියන එකේ තේරුම මේදවස්වල පැටලිලා තියෙන  හින්ද එකත් ටිකක් අමාරුයි පාවිච්චි කරන්න. මොකද ධර්මයේ එන "කර්ම"යන පදේ තේරුම වෙන එකක් කරල ෆිල්ම් එකක් ගහල තියනවනේ. කමක් නැ ඒක ගැන පස්සෙ වෙනම කතා කරමු.  අප උපාසක කැලට කෙරෙන ආයාචනය සහ ආරාධනාව නම් "දහම රකින්න අපි" යන සංකල්පයෙන් මිදිලා, "දහමින් අපි රැකෙමු"  යන මැයෙන් නිවන් යන්නම වැඩකරමු කියලා.  

මීට ප්‍රධාන උපහාසක ද? , නොදායක ද?  විධායක වෙයි ද?  
හේතුහාමි    

love@8

හේතු හාමි ලංකාවෙ මාධ්‍ය ගැන කලින් ලියපු ලිපිය මෙන්න. ඔය love@8 එක ගැන මටත් දෙයක් කියන්න තියෙනව. ඒ කාලේ, මම බඳින්න එහෙම කලින්, වැඩ ඇරිල ආපු ගමන් ඉතින් love@8 තමා.... ලස්සන ගෑනු ළමයෙක් තමයි ඉතින් news කිවුවෙ... සීදේවි ළමය...ඇට බෝල මාල 7ක් දාල..තොල් පාට කරලා..මූණ රත්තරන් පාටයි දිලිසෙනව වැඩියි අප්පා !!..tv brightnes පවා අඩු කරල තියෙනවා news බලා ගන්න..!!

විශේෂත්වය තමයි..එයා news කියන්නෙ ඇස් දෙකෙන්..ඒ ඇස් දෙක දැක්කම..news මැවෙනවා..විකාරත් ඔලුවට එනවා, "එවන් රළු රක්ෂාවක් කරන්න වෙලා තියෙන්නෙ ඇගේ අසරණකම නිසාද..", "කාත් කවුරුවත් නැති කෙනෙක් ද.." , "ඒ රක්ෂාව එයාට සුදුසු නෑ".. තව කීදෙනෙක් news බලනව ඇද්ද..කියල ඊර්ෂ්‍යාවකුත් ඇති වෙනව..

"අයියන්ඩි ..මේ news කියන එක ඔක්කොම බොරුවක් අයියන්ඩි..කෲර මින්ස්සු මාව මේ මැදිරියේ හිර කරල..අනේ ඇවිත් මාව බේර ගන්න.." වගේ ආයාචනයක්ද ඈ ඒ ඇස් දෙකෙන් කරන්නෙ? ..

මට තාම මතකයි එදා..love@8 එකේ පලවෙනි news එක..නපුරු මිනිහෙක් පිස්සු බල්ලෙක්ට ගලකින් ගහපු ඛේදනීය කතා පුවතක්..අනේ..අර කෙල්ල news එක කිවුව..ඇස් දෙකෙන් කිවුවෙ......ඒ අහිංසක පිස්සු බල්ල, අර සාහසිකයගෙ තට්ටම කාපු පලියට..කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව , අර සහාසික මිනිහ ගඩොලකින් බල්ලට ගහපු පාර , ගඩොල් කෑල්ලක් වැදිලා අහිංසක බල්ලගෙ ඇහැක් අන්ද වෙන්නම ගිහිල්ල..දුකම හිතෙන්නෙ, ඊට පස්සෙ, බලු van එකකින් ඒ අහිංසක බල්ලවම අරන් ගිහින්..මේ වෙනකන් කවුරුත් දන්නේ නෑලු කොහෙටද ගෙනිච්චේ,මොකද කරේ, ඇයි ගෙනිච්චේ, කින්ද මන්ද කියල. මලු රට ම නිශ්ශබ්ද වුණා වගේ දැනුන..එකම ස්වරයකින් මුළු රටම සුසුම් හෙලපු අවස්ථාවක් වෙන්න ඕන ඒක..සෙන්ටි වුන පාර..කිසිම බල්ලෙක්ට එහෙම වෙන්න එපා කියල මම අපේ නාන්නේ නැති වල් බල්ලගෙ ඔලුවත් ඉම්බ..තාම මතකයි බලු ගඳ...!....... චඃ. මාතෘකාවෙන් පිට ගියා.

දැන් ඔය හේතු හාමි මොන මාධ්‍ය සදාචාරය ගැන කියුවත්, කොච්චර ටෝක්ස් දුන්නත්, මං අහන්නේ. ඔය love@8 වගේ එකක් වත් නැත්තන්, අපිට බලන්නට වෙන මොනාද අප්පා තියෙන්නෙ ...? ඔෂින් ඉවරයි, ශාන්ති ඉවරයි,  රොබින්හුඩ් ඉවරයි, ටාර්සන් ඉවරයි, සූරපප්පා නෑ, ටින්-ටින් ඉවරයි , දූදරුවෝ නෑ(ආයේ පෙන්නයිද දන්නේ නෑ.. හෆොයි), අපි නොදන්න live නෑ,  ඉතින්  ඔය ඔක්කොම එකට දාල , එකා බද්ද කරල (මෙන්න මේ වගේ), මෙවුව කරපු, එකක් තමයි  love@8 කියන්නෙ. දවස පුරා මහන්සි වෙලා , ශක්තිය වැය කරල, ගෙදර ඇවිල්ල,  viva එකක් බීල ,වැයවුණු ශක්තිය නැවත ලබාගෙන, love@8 බලල තමයි අහිංසක ජනතාව ගොඩ යන්නෙ. මේ හේතුහාමි එකටත් කෙලින්න හදන්නෙ.

මගෙත් viva එක ලෑස්තියි,
නැවත හමුවෙමු,

මීට,
s. ආනන්ද.
(ඔබාමට ජයෙන් ජය)

Saturday, November 24, 2012

මාධ්‍ය


පටලං කාවේ මාධ්‍ය නිදහස ගැන කතාකරනකොට මට මාර හැගීමක් ඇතිවෙනවා එකට හේතුව මොකද්ද කියල මටවත් හිතාගන්න බැ. මොකද එංගලන්තේ News-International ආයතනය අවුරුදු 150 පරණ උනත් මාධ්‍ය මාෆියාව තුරන් කරන්න කියල ඒ ගොල්ලො ඒක වහන්න තීරණය කලා. නමුත් අපේ පට ලංකාවේ  එහෙම කරන්නේ නැ. හේතුහාමි කියන මං අහිංසක පුරවැසියා  පත්තරයක්, Television බලනකොට  දකින සමහර  හරිම සුන්දර ප්‍රෝඩා, Gymnastics, දැක්කම කඳුළු කඩාගෙන වැටෙනවා. Blogs හදාගෙන ඉන්න ලොකු ලොකු කුනුකන්දල් වලට වහල් වුන අපේ සමහර බහුශ්‍රුත මාමල මාර Comments දාගෙන කලාව දේශපාලනේ සහ ආර්ථිකේ ගැන පොර ටෝක් දානවා. ඒ අයට මේක පේන්නැති එකත් මාරම කේදවාචකයක්. නැත්තම් ඒගොල්ලොත් නිකන් නාරන් බික්, සීනිබෝල වගේද කියලත් මට හිතෙනවා. මං අහන්නේ මේකට මොකාද වගකියන්න ඕනේ? අපිම තමා ! බලන්න අය්යේ අක්කේ, අපි වගේ ගමේ මල්ලිලා නංගිලා නොදැකපු දේවල් ගැන කොර ටෝක් හදන ටවුමෙ මාධ්‍ය කරන මාමලා ඒගොල්ලොන්ගේ මනස්ගාත ඔක්කොම සිරා කියල හිතාගෙන අපිව රවට්ටනවා. ඒක හරිද මං අහන්නේ?
  
 සමහර News වැඩසටහන් ඇවිල්ල ටෙලිනාට්‍ය වගේ. අපෙ ආතම්මා හිතාගෙන ඉන්නේ පහුගිය කාලෙ  Campus එක ගැන ගොඩක් සෙනග එකතුකරලා, නළු නිලියෝ ගොඩක් දාලා නාට්ටියක් කලා කියල. මොකද ආතම්මා ඉන්නන පැත්තට පෙන්නේ අර at-8 කියන නාට්‍යනුසාර news එකනේ. ඒ වැඩසටහනේ ඊයේ පෙරේදා හැප්පිලා මැරිච්ච එකක් ගැන යනවා, පටන්ගන්නේ හැප්පෙන එක දැකපු එකා ඉස්කෝලේ ගිය දවසින්. ප්‍රවුර්ති කියන දේ මොකද්ද කියල නොදන්නා කම නිසා ද නැතිනම් ඇත්තටම ඒ වැඩසටහන විනෝදාත්මක එකක්ද කියන එක මට තේරුනේ නැ. අපේ ආතම්ම ඒකට හරිම ආස සමහර News Program බැලුවම රුධිර පීඩනය වැඩිවෙන නිසා ලු. මොකද ඒවායේ කියන්නේ මිනිස්සු බය කරන දෙවල් විතරමලු . මම එයාගෙන් ඈහැව්ව තව ඔය පවුලේ චැනල් බලන්නැත්තේ ඇයි කියල, එයා කියන විදියට ඒකෙ යන්නේ එකම පවුල් සෙට් එක ගැනලු. මුරණ්ඩු පුතාලා ඉන්න චන්ඩි තාත්තල ගැන, Beauty Contest වලට යන දුවල ඉන්න නාකි හස්බන් මාමල ගැන එහෙමලු. නැති නම් තව ඒවා තියනවලු, එල්ලේ ගහන්න ඔට්ටපාලු බෝලයක් ගන්න නතුව චාටර් වෙන ගමේ අපේ කොල්ලෝ සෙට් වලට American Football පෙන්නලා add වලින් සල්ලි හොයල ඉස්පෝර්ට් කාර් වලට Superපෙට්රෝල් ගහන අය කරන ඒවාත්. මම පුදුම උනා අපේ ආතම්මගෙ මාධ්‍ය පරිචය ගැන. මට හිතුනා   ඇඳලා ඉන්නේ අපිද ඕව කරන අයද, ඒවායේ වැඩකරන අයද කියාලා.

අනේ මම කියන්නේ මං වගේ පුටාර් පදින අහිංසක කොල්ලෙක්ට මේ වගේ මාධ්‍ය පරිප්පුවක් දෙන එක ගැන ඔය කට්ටියට දුක නැද්ද කියලා? මං අහන්නේ ඕව කරන්න සල්ලි දාන එකාමද මේකේ වැරදි කාරය? මට හිතෙන්නේ ඒකාම නෙමෙයි . ඕවයේ ගමෙන් ගිය එඋනුත් වැඩකරනවා මං හිතන්නේ. ඔය සමහර එළවලු වලින් Cricket එහෙම ගහන add මාමලා දුර බැහැර අයලු. ගමමලු විකුණන් කන්නේ. ඉතින් ඒගොල්ලොන්ට මේක තේරෙන්නේ නැති හැටි නේ?. නැත්තම් මධ්‍ය පිළිඹඳව Degree ගහපු එව්වෝ හිඟා කනකොට, තැන තැන වල පොලිටික්කෝ ගාව රෙදි හෝදනකොට. අර ටවූන් එකේ ටිවුෂන් පන්ති වල තොල් රතු කරගත්තු කෙල්ලෝ පස්සේ ගිහින් බූට් කාලා desk බැංකු වල නිසදැස් ලියපු සෙන්ටි මෙන්ටල්ලා, බිග් match දවසට beer උගුරක්බීල වැදිලා Tao spray වලින් කෙල්ලගේ නම ඉස්කෝලේ තාප්පේ ලියපු මෝල් අර්ටිස්ලා, ලොකු මධ්‍ය ආයතනවල radical චරිත වෙලා, News Room Manager ලා වෙලා කරන මේ ජාතික අපරාදේ ගැන අහිංසක ගම්පුරවසියෙක් විදියට ලස්සන ලංකාව විනාස කරන දෙයක් විදියට තමා මම දකින්නේ. මම කියන්නේ මේ වැඩේ ඉගෙනගෙන කරනවානම් හොඳා කියල. ඉගෙනගත්තු ඒඋන්ට අවස්ථාවක් දෙන්නෝනේමේවා කරගෙනයන්න. නැත්නම් මධ්‍ය ගැන අධ්‍යාපනය ගන්න පුළුවන් Course තියෙනවා කරන්න. නැත්තම් අඩුමගානේ  ලංකාවේ ඕවයේ ඉන්න ඈයෝ ලෝක ජනමාධ්‍ය බලනවා, පරිශීලනය කරනවා ඇතිනේ, ඒකෙන් හරි, නැත්නම් අවිධිමවත් හරි අධ්‍යාපනයක් ලබාගෙන ඔය වැඩේ හරියට කලොත් අපේ පටලංකාව නිරවුල් ලංකාවක් කරන්න පුළුවන් වෙයි කියල  හිතනවා.  හේතුහාමි හැටියට කිසිම හේතුවක් නැතුව නෙමෙ මේ ගැන කතා කරන්නේ මේ වැඩ ගැන චුට්ටක් වෙන්න දන්නා නිසා. මේක ගැන අදහස් දක්වන පටලංකා විරෝධී චරිත වලට මගේ ප්‍රණාමය හිමිවේවි. 

- මීට හේතුහාමි !

Friday, November 23, 2012

අපි මේ රටේ මිනිස්සු විදිහට මේ පුංචි මුතු ඇටේ ඇතුලෙ පටලගෙන ඉන්න විකාර සංකල්ප ටික චුට්ටක් වෙන්න වෙනස් කරලා මුතුඇටේ ඔපදාන්න ඕනේ කියල හේතුහාමි කියන මට හිතුනා හොඳේ.


මීට හේතුහාමි !